Friday, March 28, 2025

General line - 0115112241

ISIS සංවිධානයට සබඳතා ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ජූඩ් සමන්ත



ISIS සංවිධානයට සම්බන්ධතා ඇති බවට සැකකෙරන සැකකරුවන් දෙදෙනෙකු හලාවත, දැදුරුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්.

අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, දැදුරුඔය කුම්බුට්ටුකුලිය ප්‍රදේශයේ ඔවුන්ගේ ඥාති නිවසක සිටියදීයි.

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් එම සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවටයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.