Monday, February 24, 2025

General line - 0115112241

සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගන්නා කෝටි එක හමාරක් වටිනා තල්මස් ශරීර කොටස් තොගයක් අත්අඩංගුවට



රුපියල් කෝටි එකහමාරකට ආසන්න අධික වටිනාකමකින් යුත් මිළ අධික සුවද විලවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා තල්මසුන්ගේ ශරිර කොටසක් වන අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුනු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලිස් වසමේ කුරුඤ්ඤන්පිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි. 

මෙම අම්බර්, ඉතා වටිනාකමකින් යුතු වන අතර මෙහි විශේෂත්වය වනුයේ ඒවා ස්පර්ශ කල විට එහි දැඩි සුගන්ධයක් පැවතීමයි.

මෙම අම්බර් ලොව ප්‍රමුඛ පෙළේ සුවද විලවුන් නිශ්පාදනය සඳහා භාවිතා කරන දුර්ලභ අමුද්‍රව්‍යක් ලෙසද සැලකෙනවා.