පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පලා ගොස් කොළඹ ප්‍රදේශයේ නිවාස බිඳ දේපළ සොරා ගත් සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොළඹ 12 මාටිස් පටු මගේ සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුවයි ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු ‘ඊයම් කුරුල්ලා’ ලෙසින් හඳුන්වන කළුබෝවිල බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අධික ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති අදාළ සැකකරු මොරටුව, කිරුළපන, බොරලැස්ගමුව යන පොලිස් බල ප්‍රදේශවල මෙලෙස නිවාස බිඳ දේපළ සොරා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔහු පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටියදී 2023 වර්ෂයේදී එහි නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබෙනවා.
සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම් මත ඔහු විසින් සොරා ගත් දේපළ කිහිපයක්ද සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.