Monday, February 24, 2025

General line - 0115112241

කාන්තා ව්‍යවසායකයින්ට ණය පහසුකම් සහිත ව්‍යාපාර අවස්ථා ලබාදීමේ වැඩසටහනක්

නිහාල්සිරි ගම්ලත්



දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී නව කාන්තා ව්‍යවසායකයින්ට ණය පහසුකම් සහිත ව්‍යාපාර අවස්ථා ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීමේ සීතාවක ප්‍රාදේශිය සභාවේ පැවති වැඩසටහන අමතමින්.

චීන රජයේ ආධාර යටතේ ලබාදෙන මෙම එක් යන්ත්‍රයක් මගින් පවුල් පහකට සෘජු ආදායම් මාර්ග විවෘත වන අතර එකී පවුල් ආශ්‍රිත ගම්මාන වල පවුල් රැසකට ද මෙමගින් වක්‍ර ප්‍රතිලාභ හිමිවන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.