Monday, February 24, 2025

General line - 0115112241

වතු කම්කරුවන් සඳහා අවම වැටුපක් නියම කිරීමට එරෙහිව වතු වැවිලි සමාගම්වලින් අභියාචනාධිකරණයට පෙත්සමක්

උදය කුමාර



වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර තිබෙන පෙත්සම කරුණු සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු 52ක් නම් කර තිබෙනවා.

මෙම පෙත්සම සෝභිත රාජකරණ සහ ධම්මික ගනේපොළගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම් මේ මස 31 වනදා සිදු කරන ලෙසයි.