Monday, February 24, 2025

General line - 0115112241

තෙල් සංස්ථාව ලාභ ලබයි - විකිණීමත් නවතී



රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලික අංශයට ලබා දීමට හෝ ආයෝජකයෙකු  සම්බන්ධ කර ගැනීමට දැන් කිසිදු අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පවසනවා.

ඒ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන බවයි. 

තවත් විදෙස් සමාගමක් වන ෂෙල් සමාගම මෙහෙයුම් කටයුතු සඳහා මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ගේ මෙහෙයුම් ළඟදීම ආරම්භ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

කිසිදු විටක ශ්‍රී ලංකාව සතු බලශක්ති සුරක්ෂිතතාව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.