Monday, February 24, 2025

General line - 0115112241

කළු, ගිං සහ නිල්වලා ගංගා ගැන අවදානම් නිවේදනයක්



කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අද අලුයම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

ඒ, මෙම ගංගා ද්‍රෝණිවල දෙපස සිටින ජනතාව ජල මට්ටම සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන ලෙසට දන්වමින්.

ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජේ ඩබ්ලිව් ඒ සකුරා දිල්තාරා පැවසුවේ මෙම අවදානම අද සහ හෙට පවතිනු ඇති බවයි.

නිරිතදිග මෝසම හේතුවෙන් පවතින වැසි තත්තවය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑම් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.