Friday, March 28, 2025

General line - 0115112241

ප්‍රධාන ගංගා පහක ජල මට්ටම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්



කැලණි, කළු, ගිං, නිල්වලා සහ මහවැලි ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මෙම ගංගාවල ජල මට්ටම ඉහළ යමින් ඇති බව දන්වමින්.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නවතම නිවේදනයට අනුව කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයෙන්.

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතිනවා.

බද්දේගම ප්‍රදේශයෙන් ඉහළ යමින් ඇත්තේ කළු ගඟේ ජල මට්ටමයි.

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇත්තේ පනාදුගම ප්‍රදේශයෙන්.

මහවැලි ගඟේ ජල මට්ටම නාවලපිටිය ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතිනවා.