ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල වැඩිම ප්‍රගතියක් සහිත තුන් ඉරියව් ක්‍රීඩකයින් 05 දෙනා අතරට ඇතුළත්ව තිබෙනවා.
ඒ, 2022 වසරේ සිට 2024 දක්වා කාලය සන්සන්දනය කරමින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුවයි.
2022 වසරේ 195වන ස්ථානයේ සිටි මැතිව්ස් මේ වන විට පසුවන්නේ 38වන ස්ථානයේයි.
ශ්‍රේණිගත කිරීමට අනුව ඉදිරියට පැමිණ ඇති ස්ථාන සංඛ්‍යාව 157ක්.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආසන්නයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද පෙරළියක් සිදු කර තිබෙනවා.
ඒ, ලොව හොඳම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් හතර අතරට පත්වෙමින්. ඔවුන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල දැවැන්ත පිම්මක් ලබාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහි පන්දුවාර විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීම හේතුවෙන්.
නවතම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවයි.
දෙවන ස්ථානය ඕස්ටේ්‍රලියාවට හිමිව තිබෙනවා.
එංගලන්තය පසුවන්නේ තුන්වන ස්ථානයේයි.
බටහිර ඉන්දීය කොදෙව්වන්ට සිව්වන ස්ථානයත් නවසීලන්තයට පස්වන ස්ථානයත් හිමිව තිබෙනවා.
නවතම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අටවන ස්ථානයයි.
බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යය මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සම සත්කාරක රාජ්‍යයයි.