Thursday, April 17, 2025

General line - 0115112241

කොළඹ අවදානම් ගස්වල අලුත් නිවේදනය



කොළඹ නගරයේ ඇති අවදානම් ගස්වල වගකීම එම ගස් පිහිටා ඇති පෞද්ගලික හෝ රජයේ ඉඩම්වල හිමිකරුවන් භාරගත යුතු බවට නීතිමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අද සිට බලපැවැත්වෙන පරිදියි.

කොළඹ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන පැවසුවේ අවදානම් සහිත ගස් පමණක් නොව අවදානම් සහිත පුවරු, කණු හෝ වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මෙය වලංගු වන බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ නගරයේ ගස් කඩා වැටීම් රැසක් පහුගිය දින කිහිපයේම වාර්තා වුණා.

ඉකුත් සති අන්තය වන විට ගස් සහ අතු කඩා වැටීමෙන් සිදුවූ පුද්ගල මරණ 08ක්ද වාර්තා වී තිබෙනවා.