Monday, February 24, 2025

General line - 0115112241

මෙරට යූ ටියුබ් නාලිකා ගැන ආරක්ෂක ලේකම් කතා කරයි



යූ ටියුබ් නාලිකා බලගතු සමාජ මාධ්‍යයක් බවට පත්ව ඇතත් මෙරට බොහෝ දෙනෙකු එය නිසි පරිදි භාවිත නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.

කෙසේවෙතත් යහපත් අරමුණු වෙනුවෙන් යූ ටියුබ් නාලිකා පවත්වාගෙන යන අතලොස්සක්ද සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.

වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් මෙරට බිහිවූ විශිෂ්ටයෙකු වන යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික ලුතිතන් කර්නල් ජනක රිටිගහපොළ, සිය ක්‍රීඩා අත්දැකීම් ඩිජිටල් අවකාශය තුළ ජනගත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළා.