Monday, February 24, 2025

General line - 0115112241

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 04 වනදා

උදය කුමාර



සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 04 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම අද කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් සඳහන් කළේ මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනුකර අවසන් බවයි.

ඉන්  අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 04 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.