තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම යටතේදියි.
කළුතර, ගාල්ල, මාතර, කොළඹ, බස්නාහිර පළාත් දකුණ හා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස මගින් සිදු කළ වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.