රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳිමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ආර්ථික වශයෙන් වැටී තිබූ රට මේවන විට දෙපයින් නැගිට ඇවිදීමට පටන් ගෙන ඇති බවත්, රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියා.
වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට භාජනය වෙමින් ඉදිරියට යා යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වන දේශබන්දු ලෙස්රි දේවේන්ද්‍රගේ වෘත්තීය සමිති දිවියට 60 වසරක් සැපිරීම නිමිත්තෙන් කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
බැංකු ඇතුළු මූල්‍ය ආයතන තුළ රජයේ ශක්තිය තබාගෙන ආර්ථිකය හැසිරවීම රජයේ සැලසුම වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළා.