Monday, February 24, 2025

General line - 0115112241

එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙන්න රංගේ බණ්ඩාර කල් ගනී



එලඹෙන ජනාධිපතිවරණය සහ මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳ දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළවුණා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. 

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය පැවසුවේ ජනාධිපතිවරණය කල්දැමීමේ යෝජනාවට රටේ ජනතාව කිසිසේත් එකඟ නොවන බවයි. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පැවසුවේ මැතිවරණ කල්දැමීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව පිටුපස වෙනත් පාර්ශවයක් සිටී දැයි සැක මතුවන බවයි.

මේ අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් දැමීම සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව එල්ලවන චෝදනාවලට ලබන සදුදා පිළිතුරු ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

 

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කෙටි අදහස් දැක්වීමක් සිදුකරමින් මේ බව කියා සිටියා.