Monday, February 24, 2025

General line - 0115112241

මුහුදු පතුලේ සැගවුණු ටයිටැනික් නරඹන්න තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු සැරසෙයි



ප්‍රකට අමෙරිකානු බිලියනපතියෙකු වන ලැරී කෝනර් ටයිටැනික් සුන්බුන් නැරඹීම සඳහා  නව සබ්මැරිනයක් නිපදවීමට සැලසුම් කර තිබෙනවා.

 ඒ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් පුද්ගලයන් 05 දෙනෙකු මිය ගිය ඛේදවාචකය සිදුවී වසරක පමණ කාලයක් ගත වීමටත් පෙරයි.

 ඔහියෝ ප්‍රාන්ත වැසියකු වන මෙම  කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය වසරේ නටබුන් නැරඹීමට ගොස් ජීවිතය අහිමි කරගත් ඕෂන්ගේට්  සමාගමේ හිමිකරු වන ස්ටොක්ටන් රෂ් මෙන්ම ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලට ඇබ්බැහි වූවකු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඔහු මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ටයිටැනික් නෞකාවේ නටබුන් ගවේෂණ කටයුතු සඳහා අඩි 12,467ක් පමණ ගැඹුරට ගිල්විය හැකි යානයක් නිර්මාණය කරන බවයි.

එසේම මෙම ගවේෂණය සඳහා ගැඹුරු මුහුදේ ගවේෂකයෙකු වන පැටි්‍රක් ලේහිද එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මීට පෙරද  මරියානා ආගාධයයේ ගවේෂණය කල හැකි ආකාරයේ යානයක් නිර්මාණය සඳහාද අවධානය යොමු කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන 20ක් පමණ වැය කරන බවද සඳහන්.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුහුදු ගමන සිදුවන්නේ  යාත්‍රාවක් සමුද්‍ර සංවිධානයක් විසින් සහතික කළ පසු පමණක් බවයි.

මෙම  යානය තවමත් සැලසුම් කරමින් පවතින අතර ගවේෂණ සඳහා නිශ්චිත ආරම්භක දිනයක් ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.