Monday, February 24, 2025

General line - 0115112241

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ විය හැකි පාර්ශවවල යටිඅරමුණ



ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ විය හැක්කේ රට නැවතත් ආර්ථික අර්බුධයකට ඇද දැමීමේ අවශ්‍යතාවක් ඇති පාර්ශවයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මඟින් අපේක්ෂා කරන්නේ ඵලදායිදාව ඉහළ නංවා ගැනීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථාවන් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.