Monday, February 24, 2025

General line - 0115112241

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට



හලාවත, මුගුණුවටුන ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසි පැවසුවේ ලද තොරතුරක් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 200ක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මුගුණුවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය දෙසැම්බර් 31වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකටද සැකකරුට චෝදනා එල්ලවී තිබෙනවා.