Monday, February 24, 2025

General line - 0115112241

රථවාහන විශේෂ පරික්ෂාවක දී අනාවරණයක්  

මහියංගණ - රංජිත් කරුණාවීර



මෝටර් රථ දෙපාර්ථමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රි ලංකා පොලිසිය එක්ව  මාර්ගයේ ගමන් ගන්න රථවාහන මහියංගණ නගරයේදී විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා 

එහිදී රථවාහනවලින් අධික ලෙස  අහිතකර දුම් පිටවන රථවාහන, ධාවනයේදී රථවාහනයක තිබියයුතු නියමිත යාන්ත්‍රික තත්වයන් පිළිබදවද පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එලැබෙන ලෝක පරිසර දිනයට සමගාමීව මෙම පරික්ෂාව සිදු කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

එහිදී  70% පමණ, රථවාහන මාර්ගයේ ගමන් කිරිම සුදුසු නියමිත තත්වයන් හා නීති රිති අනුගමනය නොකරන බවට අනාවරණය වී තිබෙන්නේ.

එම දෝෂ තත්වයන් සකසා නැවත මාසයක් ඇතුලත මහියංගණයේදී, මෝටර් රථ දෙපාර්ථමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් වෙත ඉදිරිපත් කිරිමට සියළු රථවාහන හිමියන්ට හා රියදුරන්ට අවස්ථාව ලබාදුන් අතර, කිසිදු අධිකරණ ක්‍රියාවලියක් හෝ දඩ අයකිරිමක් එහිදි සිදු නොකළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.