Monday, February 24, 2025

General line - 0115112241

රට පුරා චෙස් ක්‍රීඩකයන් දස ලක්ෂයක් බිහි කරන්න අවදානය



චෙස්  ක්‍රීඩාව ලංකාවේ ඉහලටම පැමිණි ක්‍රීඩාවක් වන බවත් මේ වසරේදී ලෝකයේ පළමු පනහට අතරට රැගෙන ඒමට  බලාපොරොත්තු වබ බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නව සභාපතිවරයා පවසනවා 

කොළඹදී පැවති  ශ්‍රී ලංකා චෙස් සම්මේල්නයේ වාර්ෂික මා සභා රැස්වීමේදී ඔහු මේ බව පවසා සිටියා.

මෙහිදී නව සභාපතිවරයෙක් පත් කරගත් අතර හිටපු සභාපති ලක්ෂ්මන් විජේසූරිය නව සභාපතිවරයා නිතරඟයෙන් පත්වුනා 

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ  ලක්ෂ්මන් විජේසූරිය

" ශ්‍රී ලංකාවේ ලියාපදිංචි චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්ෂ දෙකක් පමණ සිටිනවා. නමුත් ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩා කරන සංඛ්‍යාව ලක්ෂ දහයක් පමණ. 

ශ්‍රී ලංකාව චෙස් ක්‍රීඩාවෙන් හොඳ තත්ත්වයකට පැමිණ තිබෙනවා අවුරුදු දොළහෙන් පහළ ලෝක ශූරිය අප සතුයි. 
මොස්කවු රුසියානුකණ්ඩායම පැරදවීමට අපට හැකිවුණා 

මේ අවුරුද්දේ අපට ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් හදාගන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියෙනවා 

අපට මේ තත්ත්වයට එන්න ලැබුණේ ජ්‍යත්‍යන්තර තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින්, සෑම වසරකම ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමට අපට හැකියාව ලැබුණා.

මේ වසරේදී ජාත්‍යන්තර තරග හතරක් පැවැත්වෙනවා.

කොමන්වෙල්ත් තරගාවලිය ආසියානු තරගාවලි දෙකක් හා වෙළඳ සේවා තරගාවලියක් පැවැත්වෙනවා 

මේ වසරේදී රටවල් 192ක් සහභාගී වන ලෝක චෙස් ඔලිම්පියාඩ්  තරගාවලිය හංගේරියාවේදී පැවැත්වෙනවා.

අප කණ්ඩායම පුහුණු කිරීමට කසගස්ථාන් පුහුණුකරුවෙක් අප ගෙන්වා තිබෙනවා 

මෙම තරගාවලියේ ලෝකයේ පළමු පනහට පැමිණීම අපේ බලාපොරොත්තුවයි "