දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙනවිත් තිබෙනවා.
මිදිගම රුවන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හරක් කටාගේ මස්සිනා වනවා.
මොහු මීට මාස දෙකකට පමණ පෙර ඩුබායිහි සමාජ ශාලාවක ඇති කර ගත් ගැටුමකදී මිදිගම රුවන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ සදහන් අපරාධකරුවෙක්.
ඒ අනුව මිදිගම රුවන් දිවයිනට රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ නිලධාරීන් පිරිසක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගියා.
කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.