සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවලදී එළැඹි තීරණ මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බවට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය චෝදනා කරනවා.
එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ සිය ගැටළුවලට අදාළව එළැඹි එම තීරණ ක්‍රියාත්මක නොකරන්නේ නම් ලබන සතියේ වැඩ වර්ජනයක නිරත වන බවයි.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්ම වික්‍රමද ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.