Monday, February 24, 2025

General line - 0115112241

පොලිස් නිලධාරිනියකට පහරදුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජෙගදීශ්වරන්



යාපනය, අලවෙඩ්ඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරිනියකට පහරදී තුවාල සිදුකළ කාන්තාවන් දෙදෙනෙකු තෙලිප්පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන්ගේ පහර කෑමට ලක් වූ පොලිස් කොස්තාපල්වරිය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අලවෙඩ්ඩි දකුණ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පිරිසක් පහර දීමට තැත් කරන බවට ලද තොරතුරක් මත තෙලිප්පලෙයි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් තිබෙනවා.

එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් සැකාරියන් අත්අඩංගුවට ගැනීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක් ද ගෙන්වාගෙන ඇති අතර එහිදී සැකකාරියන් දෙදෙනා එම පොලිස් කොස්තාපල්වරියට පහරදී තිබෙනවා.