ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොදු දේපොළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාදීකරණය හමුවේ සලකා බැලුනා.
ඒ අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.
එහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක් වැල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පොදු දේපළ පනත යටතේ තම සේවා දායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේශාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැණි බවයි.
තවද එවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙම පෙත්සමට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන බදාදා තෙක් කල් තැබීමටද අභියාචනාධිකරණය නියම කළා.