Tuesday, February 25, 2025

General line - 0115112241

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ - සරසවි ප්‍රවේශයට අයදුම් කිරීමට සියයට 64යි දශම 03යි 03ක් සුදුසුකම් ලබයි



2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරුණා.

www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජූනි 05 වනදා සිට ජූනි 19 වනදා දක්වා කාලය තුළ අයදුම්පත් ඉදිරිපත් කළයුතු වනවා.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 69,613 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම අපේක්ෂකයින්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව එක් ලක්ෂ 73,444ක් බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 64යි දශම 03යි 03ක්.