Monday, February 24, 2025

General line - 0115112241

මැයි මාසයේ උද්ධමනය 0යි දශම 9ක් දක්වා පහළට



කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේ උද්ධමනය සියයට බින්දුවයි දශම 9 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එය පසුගිය අප්‍රේල් මාසය සඳහා සියයට එකයි දශම 5 ක් ලෙස වාර්තා වී තිබු බවයි ජන ලේඛන හා සංඛයා  ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වුණේ.

එමෙන්ම පසුගිය අප්‍රේල්  මාසයේදී වාර්තා වූ සියයට 2යි දශම 9ක්  ලෙස පැවැති ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේදී සියයට 0යි දශම 0ක් දක්වා පහළගොස් තිබෙනවා. 

කෙසේවෙතත් මැයි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට  1යි දශම 3ක් දක්වා ඉහළගොස් ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 0යි දශම 9ක් ලෙස වාර්තා වුණා.