Monday, February 24, 2025

General line - 0115112241

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක



මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිතර වීමට සූදානම් වනවා.

ඒ අනුව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ජූනි මස 03 සිට 06 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ඔහු සිය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා කිරීමට  නියමිතයි.

මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.