ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමුනද ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට සඳහන් කර ඇතැයි පාරිභෝගිකයින් චෝදනා කරනවා.
මාසිකව සිදු කෙරෙන මිල සංශෝධන සැලකිල්ලට ගනිමින් ඇතැම් පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවද වාර්තා වුණා.
ඒ අනුව එම ඉන්ධනහල් ආශ්‍රිතව පෝලිම් ද දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
එප්පාවල නගරයේ පිහිටි ඉන්ධනහල් දෙකෙහිම මිළ ගණන් පහළ දැමුණු ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් තොග නොමැති බවටද දක්නට ලැබුණා.
ඉන්ධන මිල අඩුවීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.
ඉන්ධන වර්ග තුනක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරුණා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් අඩුකල බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
එහි නව මිල රුපියල් 355ක් වනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 16කින් අඩු කෙරුණා.
එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317ක්.
රුපියල් 215ක්ව පැවැති ලංකා භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 13කින් අඩුකල බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 202ක් වනවා.
මේ අතර එම මිලට සමාන අයුරින් ලංකා අයි ඕ සි සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගත්තා.
සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකළා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය මිල එම සමාගම අඩුකළේ රුපියල් 10කින්.
එහි නව මිල රුපියල් 355ක් වනවා.
සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 19කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 314ක් වන බවයි සයිනොපෙක් සමාගම පැවසුවේ.
කෙසේවෙතත් කිසිදු සමාගමක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ ලංකා සුපිරි ඩීසල් මිල අඩුකර නැහැ.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420කටත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 377ක මුදලකටත් තවදුරටත් අලෙවි කරන බවයි එම සමාගම් පැවසුවේ.