Friday, March 28, 2025

General line - 0115112241

පොලිසිය සෙවූ ඔස්මන් පුෂ්පරාජා අත්අඩංගුවට



අයි එස් අයි එස් සංවිධානය සමඟ සම්බන්ධ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහය වූ බවට සැක කෙරෙන සැකකරු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔස්මන් පුෂ්පරාජා නම් වන එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පසුගියදා මහජන සහය අපේක්ෂා කර සිටියා.

අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 20ක මුදල් ත්‍යාගයක් ද ලබාදීමටයි පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබුණේ.