Friday, March 28, 2025

General line - 0115112241

මනුෂ්‍ය ඝාතන හා විවිධ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

ජයන්ත වීරසේකර - සදුන් පුෂ්පකුමාර



දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ මනුෂ්‍ය ඝාතන හා විවිධ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සහ එම සැකකරුට නවාතැන් පහසුකම් ලබාදුන් තවත් සැකකරුවෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සැකකරු තණමල්විල නිකවැව ප්‍රදේශයේ කෑලබද ස්ථානයක වාඩියක සැගව සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

ඔහු සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වාඩියේ හිමිකරු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.