මතුගම මීගහතැන්න 644 e ග්‍රාම සේවසමේ කටුකැලේ ප්‍රදේශයේ නිවසක් මතට බැම්මක් කඩා වැටීම නිසා අනතුරක් සිදුවී තිබෙනවා.
ඊයේ රාත්‍රී පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනයක් සමඟම මේ සිදුවී ඇති අතර මෙම අනතුර නිසා එම නිවසේ හිමිකරු පස් කන්දට යටවී සුළුතුවාල ලබා තිබෙනවා.
නිවසේ හිමිකරු දැනට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
නිවසේ පදිංචිව සිටි අනෙක් පුද්ගලයන් ආරක්‍ෂ ස්ථානවල රඳවා ඔවුන්ට අවශ්‍ය කටයුතු සලසා දීමට වලල්ලාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබෙනවා.