Tuesday, February 25, 2025

General line - 0115112241

ඉම්රාන් ඛාන්ගෙන් බරපතල ප්‍රකාශයක්



සිරගතව සිටින පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තමන් බලයේ සිටියදී හිටපු හමුදා ප්‍රධානී (විශ්‍රාමික) කමාර් ජාවෙඩ් බජ්වා කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් සිය බලවත් කනගාටුව ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

බජ්වා තමන්ව සිරගත කිරීම සැලසුම් කළ බවට ද ඉම්රාන් ඛාන් චෝදනා කළා.

එමෙන්ම පාකිස්තානයේ දේශපාලන හා හමුදා නායකත්වය ද ඔහු විවේචනය කර තිබෙනවා.

"මගේ එකම කනගාටුව ජෙනරාල් බජ්වා කෙරෙහි විශ්වාසය තැබීමයි,"හමුදා ප්‍රධානියා ලෙස දෙවන දිගුවක් ලබා ගැනීම සඳහා ඔහු "බොරු සහ ව්‍යාජ දේ නිර්මාණය කළා." ඉම් රාන් ඛාන් පවසා තිබෙනවා.

පකිස්තානයේ හිටපු හමුදා ප්‍රධානියාගේ සූක්ෂම සැලැස්මක් යෝජනා කරමින් බජ්වාට එරෙහිව ඉම්රාන්ගේ සවිස්තරාත්මක චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ  "මෙම අකරතැබ්බය මෙහෙයවූයේ ජෙනරාල් බජ්වා විසින් බව මට විශ්වාසයි.

මේ සඳහා වෙන කිසිවෙක් වගකිව යුතු නැත.

ඔහු මෙම සැලැස්ම ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කළේය,

තමා වංචනික චරිතයක් ලෙස පෙනී සිටිමින්, ජාතික හා ජාත්‍යන්තර ව්‍යාකූලත්වය ඇති කිරීම සඳහා බොරු සහ අසත්‍ය සාක්ෂි මවා පෙන්වුවා,” යනුවෙන් ඉම්රාන් ඛාන් චෝදනා කර තිබෙනවා.