Thursday, April 17, 2025

General line - 0115112241

ධිවර ප්‍රජාවට රතු නිවේදනයක් 



බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ වල ධිවර කටයුතු සිදු කරන ධිවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සක්‍රියව පවතින නිරිත දිග මෝසම් කාලගුණය නිසා ගිනිකොණදිග සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තව දුරටත් ඉතා තද සුළං  (පැ.කි.මී. 60-65) සමගින් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.මේ හේතුවෙන්  එම  මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී  සිටින ධිවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ වහාම ගොඩබිම වෙත හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත ලඟා වෙන ලෙසයි.

විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.