පොළොන්නරුව මනම්පිටිය පාලමෙන් ගඟට පැන ජීවිත හානි කර ගැනීමට තැත් කළ යුධ හමුදා සෙබළියක් පොළොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වයස අවුරුදු තිස් හතරක් වූ වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථානයට අනුබද්ධව සේවය කරන යුධ හමුදා සෙබළියක් වන ඇය දෙදරු මවක් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
කලක් තිස්සේ ඇය ගංජා භාවිතයට තදින් ඇබ්බැහි වූ තැනැත්තියක් බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
ඇයට ප්‍රතිකාර ලබාදී අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලොන්නරුව රෝහල් ප්‍රකාශකයෙකු වැඩි දුරටත් පවසා සිටියේ.