ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් අඩුකළ ද ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමිය නොහැකි බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ ඉන්ධන මිල අඩු වුවද එහි වාසිය මගී ජනතාවට ලබාදීමට මෙතෙක් නිසි ක්‍රමවේදයක් අදාළ බලධාරින් විසින් සකස් කර නොමැති බවයි.
මේ අතර ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු පහළ නොදමන බව මගී ප්‍රවාහන බස් සංගම් පැවසුවා.
ඉන්ධන වර්ග තුනක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරුණා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් අඩුකල බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
එහි නව මිල රුපියල් 355ක් වනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 16කින් අඩු කෙරුණා.
එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317ක්. රුපියල් 215ක්ව පැවැති ලංකා භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 13කින් අඩුකල බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 202ක් වනවා.
මේ අතර එම මිලට සමාන අයුරින් ලංකා අයි ඕ සි සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගත්තා.
සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකළා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය මිල එම සමාගම අඩුකළේ රුපියල් 10කින්.
එහි නව මිල රුපියල් 355ක් වනවා. සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 19කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 314ක් වන බවයි සයිනොපෙක් සමාගම පැවසුවේ.
කෙසේවෙතත් කිසිදු සමාගමක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ ලංකා සුපිරි ඩීසල් මිල අඩුකර නැහැ.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420කටත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 377ක මුදලකටත් තවදුරටත් අලෙවි කරන බවයි එම සමාගම් පැවසුවේ.