සමාජ පරිවර්තනයක් සඳහා නව නිපයුම් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව විදෙස් රටවල මෙන්ම රට තුළ සිටින පර්යේෂකයන් සමඟ සාකච්ඡාවක් නුදුරේදීම සිදුකරන බවයි කොළඹ පැවති ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව අමතමින් ඔහු කියා සිටියේ.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.
මේ අතර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට ඇතමුන් බාධා කරන බවයි බදුල්ල ප්‍රදේශයෙ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ.