පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා.
ඒ, අමෙරිකාව හා කැනඩාව අතර තරඟයෙන්.
මෙවර ලෝක කුසලානය පැවැත්වෙන්නේ නව වන වරටයි.
තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 20ක්.
එය ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරඟාවලියක් වෙනුවෙන් සහභාගීවන වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවයි.
මෙවර තරඟාවලියේ සත්කාරකත්වය අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් විසින් දරනවා.
අමෙරිකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය දරන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාව මෙවර තරඟවදින්නේ ඩී කාණ්ඩයෙන්. තරඟාවලියට තරඟ 55ක් ඇතුලත්.
මෙවර තරඟාවලියට එක්වන කණ්ඩායම් 20, කාණ්ඩ 4කට වෙන් කර ඇති අතර පළමු වටයේදී සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් 4ක් සමඟ ක්‍රීඩා කළ යුතු වනවා. සෑම කාණ්ඩයකින්ම ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් 08 අතරට එක්වනු ඇති.
පසුව ඔවුන් යළි කණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර සුපිරි කණ්ඩායම් 08 අතර තරග ඇරඹෙන්නේ ඉන් පසුවයි. එම වටයේදී වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් 04 අවසන් පූර්ව වටයට පිවිසීමට නියමිතයි.
එම තරඟ ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරඟයට පිවිසෙනු ඇති.
තරඟාවලිය ආරම්භ කරමින් අමෙරිකාව හා කැනඩාව අතර තරඟය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 06ටයි.
තරඟයේ කාසියේ වාසිය දිනූ අමෙරිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට කැනඩා කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.
ඒ අනුව මේවන විටත් පන්දුවට පහර දෙමින් සිටින කැනඩා කණ්ඩායම මීට සුළු මෙහොතකට පෙර පන්දුවාර 06ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබාගෙන සිටිනවා.
අමෙරිකාව හා කැනඩාව අතර තරඟය පිළිබද සැකසූ විශේෂ විඩියෝවක් ද නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.
මේ අතර, අද තවත් තරගයක් පැවැත්වෙන අතර ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැපුවා නිව් ගීනියා අතරයි.
එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.
ටොස් එකට කලින් නෙත් ස්පෝට්ස්මන් විශේෂ ක්‍රිකට් වැඩසටහනට එක්වූ ප්‍රවීන ක්‍රිකට් විස්ත විචාරක ජයන්ත සෙනවිරත්න අද තරඟයේ සත්කාරකත්වය අමෙරිකාවට සහ බටහිර ඉන්දිය කොදෙව්වන්ට හිමිවීම පිළිබඳව ද මෙලෙස අදහස් පළකළා.
මේ ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීන ක්‍රිකට් විස්ත විචාරක ජයන්ත සෙනවිරත්න.
ලෝක කුසලානයේ සෑම තරඟයක් ආරම්භයට පෙර එම තරඟය පිළිබද විශ්ලේෂණාත්මක විග්‍රයහක් ඇතුළත් ටොස් එකට කලින් නෙත් ස්පෝට්ස්මන් විශේෂ ක්‍රිකට් වැඩසටහනක් ගෙන ඒමට නෙත් නිවුස් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව සෑම තරඟයක් ආරම්භයට පෙර එම තරඟය පිළිබද විඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.
එමෙන්ම ලෝක කුසලාන පන්දුවාර 20යි 20 තරඟාවලියේ සියලු විශේෂ තොරතුරු නෙත් ස්පෝට්ස්මන් ෆේස් පිටුවෙන් හා නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවෙන් ගෙන ඒමට ද සියලු කටයුතු සූදානම් කර අවසන්.