කාන්තාවකගේ ගෙල බැඳී රන්මාලයක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙකු වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලිසියේම රාජකාරී කරන සැරයන්වරයෙකු බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
අද අලුයම 5.45 ට පමණ වාද්දුව දේවස්ථානය ආසන්නයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් මෙසේ කොල්ලකා තිබෙනවා.
සැරයන්වරයා මේ වන විට පානදුර කොට්ඨාස අපරාද විමර්ශන අංශය වෙත යොමුකොට ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කර සිටියේ