පවතින තද වැසි තත්වය හේතුවෙන් කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංඟා අවට පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.
මේ ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපාදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර.
ගං වතුර අවදානම් ප්‍රදේශ නැරඹීමට හෝ විනෝද වීමට යෑමෙන් වැලකී සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි තත්වය හේතුවෙන් මේවන විටත් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත මාර්ගය ද මේවන විට ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් ඊයේ දිනයේ වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.