Tuesday, February 25, 2025

General line - 0115112241

පාදුක්ක උඩගම ප්‍රදේශයේ කන්දක් නායයයි  

 බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් 



පාදුක්ක බෝපේ වෑවල මාර්ගයේ උඩගම ප්‍රදේශයේ කන්දක් නාය යාමෙන් මාර්ගයට පස් සමග විශාල ගල් පෙරළීමෙන් සම්පූර්ණව වැසී ගොස් ගමනාගමනය ඇණ හිට තිබෙනවා.

එම කන්ද ආසන්නයේ පදිංචිව සිටි නිවාස හතරක සාමාජිකයන්ට ආරක්ෂාව පතා එම නිවාස වලින් ඉවත් වන ලෙස පාදුක්ක පොලිසිය දැනුම් දී තිබෙන අතර එම පුද්ගලයන් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස් කරා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.