කළු ගඟ, කැළණි ගඟ. ගිං ගඟ සහ නිල්වලා යන ප්‍රධාන ගංඟා ද්‍රෝණිවලට නිකුත් කර ඇත ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරි දින දෙක සඳහාත් වලංගු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
කළු, ගිං සහ නිල්වලා ගඟේ ද්‍රෝණිවල ඇතැම් ස්ථාන මහ ගංවතුර තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපාදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර.
පවතින ප්‍රධාන ගංඟා කිහිපයම මේවන විටත් විශාල ගංවතුර තත්ත්වයක පවතින බැවින් එය තවදුරටත් වර්ධන වීමේ හැකියාවක් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපාදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර පවතින අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසයි ගොඩනැගි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර.
එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් මේවන විටත් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත මාර්ගය ද මේවන විට ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රදේශ කිහිපයක් ගංවතුර තත්ත්වය හේතුවෙන් මේවන විටත් යටවී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය ද වසාදමා තිබෙන අතර කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.
මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ නුවර මාර්ගයට ගසක් කඩා වැටීම සහ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.