Friday, March 28, 2025

General line - 0115112241

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වී තිබෙනවා.

ඒ කොළඹ ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබෙන අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ද පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා සියලුම දිස්ත්‍රික්කවල ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම සම සංවිධායකවරුන්ද එක්වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.