දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලකයින් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තම රජයක් යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රය දියුණු කිරීමට විශේෂිත ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බවයි.
ආර්ථික වශයෙන් රට ගොඩනැගීමට නම් නව දේශපාලන සමාජ පරිවර්තනයක් අවශ්‍ය බවයි ජාතික ජන බලවේගයේ වෘත්තිකයන්ගේ සමුළුව අමතමින් එහි නායක අනුර කුමාර දිසානායක පැවසුවේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දිනවලත් සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී අපේක්ෂකයාගේ නම ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.