පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
තවද පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ