Tuesday, February 25, 2025

General line - 0115112241

වරකාපොළට මිලිමීටර් 246ක වැස්සක්



ඉකුත් පැය 24 තුළ වරකාපොළ ප්‍රදේශයට මිලිමීටර් 246යි දශම 05ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

වතුපිටිවල ප්‍රදේශයෙන් ද මිලිමීටර් 187ක වර්ෂාපතනයක් වාර්තා වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මිලිමීටර් 102ක වර්ෂාපතනයක් දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. 

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල අද දිනයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.