දින දෙකක් පුරා ඇදහැළුණු මහ වැසි හේතුවෙන් තවදුරටත් බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා.
කැලණි ගඟේ පහළ ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.
ඒ පිළිබඳ තවත් තොරතුරු මේ වන විට කැලණිය, බියගම මාර්ගයේ රැඳී සිටින තේ විශේෂ නියෝජිත සුරේෂ් හෙන්නායකගෙන්.
මහ වැසි හේතුවෙන් මතුගම සහ ඒ අවට ප්‍රදේශවලටද දැඩි බලපෑම් එල්ල වුණා. එම ප්‍රදේශවල ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණ නෙත් විශේෂ නියෝජිත සුරේෂ් රංගන.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල තොරතුරු සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.
කෙසේවෙතත් මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.