Tuesday, February 25, 2025

General line - 0115112241

පාතාල කල්ලි සාමාජික ‘සමන් කොල්ලාගේ’ ගෝලයෙක් අත්අඩංගුවට



අම්බලන්ගොඩ ප්‍රදේශයේ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ‘සමන් කොල්ලා’ නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අම්බලන්ගොඩ, වේනමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 140ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.