ඉන්ධන ඇතුළු ඇතැම් ආනයනික භාණ්ඩවල මිල ගණන් පහළ දැමූව ද එහි වාසිය සැබවින්ම පාරිභෝගිකයන්ට නොලැබෙන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
එම වාසිය ජනතාවට ලබාදීම සඳහා රජය විසින් විධිමත් අධීක්ෂණයක් කළ යුතු බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙන්නේ.
මෙරට ආනයනික වෙළඳාම සීමිත පිරිසක් විසින් මෙහෙයවීම හරහා ඔවුන් අයුතු ලාභ ලබාගැනීමට ද පෙළඹවී සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
භාණ්ඩ ආනයනික වෙළඳාම සිදු කිරීමට තවත් පිරිසකට අවස්ථාව ලබාදීමෙන් මෙවැනි තත්ත්වයන් සමනය කළ හැකි බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පෙන්වා දුන්නා.