සිය අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය නැවත ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළද තමන් යළි එම පක්ෂයට එක් නොවන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
තමන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු අයිතියක් නොමැති බවයි නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
2020 වසරේදී අත්හිටවනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය නිදහස් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා තීරණය කළා.
කෙසේවෙතත් ඔහුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමටයි එහිදී තීරණය වී ඇත්තේ.