Tuesday, February 25, 2025

General line - 0115112241

වන අලි ප්‍රහාරයකින් මැදවචිචියේ පුද්ගලයෙක් මරුට



මැදවච්චිය පොලිස් වසමේ හැළඹගස්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි වියේ පසුවූ හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිය ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරීමට යාමේදී එම පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.